වහාම ක්‍රියාත්මක පරිදි අද රාත්‍රී 10 සිට රට ලොක්ඩවුන්

covid19 isolated lock down travel restriction keheliya rabukwella
By Sewvandhi Aug 20, 2021 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් සටහනක් තබමින් පවසනවා.

අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් නීතියට අනුගත වී සෑම පුද්ගලයෙක්ම නිවසට වී සිටින ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.  

එම ට්විටර් පණිවිඩය පහතින්....

මීට පෙර ,සතියකට හෝ රට වසා කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්න ලෙස මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ඉටුකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි. මේ අතර කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ව ගන්නා තීරණ පිළිබඳ ව ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි.

ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව ඉදිරියේ දී දැනුම් දෙන බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මීට පෙර රට ලොක්ඩවුන් කරන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලා සිටි අතර ජනාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉල්ලීම් ලිපි ඉදිරිපත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

GalleryGalleryGalleryGallery