අද සිට ලොක් ඩවුන් දීමනාව ලැබෙන පිරිස මෙන්න.

Covid Sri Lanka Colombo Lock down Lock down allowance
By Aruna Aug 23, 2021 03:45 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000සේ දීමනාව අද (23) දිනයේ සිට ලබාදීමට නියමිතව තිබේ.

අදාළ දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

එම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඊයේ (22) දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වු පවුල් පමණක් බව සඳහන්ය.

රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහාය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සේවයේ නියුතු නිලධාරීන් මගින් සුදුසු ක්‍රමවේදයක් යටතේ අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha