නිතරම විදෙස්ගත වෙන්න වෙන නිසා අලුත් ටෙලි නාට්‍යයක රඟපාන්න අමාරුයි (PHOTOS)
ලෝචනා ඉමාෂි කියන්නේ අපි කවුරුත් හඳුනන කටකාර දඟකාර වගේම හැඩකාර දක්ෂ රංගන ශිල්පිනියක්.ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින් ය.ඒ වගේම තමයි ඇය පුංචි තිරයේ රිදී තිරයේ පමණක් නොව music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.
වගේම තමයි රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් ඇය වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා.ඒ විතරක් නෙමේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් හඳුනාගත හැකි ලෝචනා ඉදිරිපත් කළ පළමු වැඩසටහන තමයි පහ සමත් කියන්නේ
.ඒ වගේම තමයි ඉන්පසු ඇය මැජික් පෙට්ටිය නම් රූපවාහිනී වැඩසටහනටත් දායක වුණා. ඇය රඟ දැක්වූ සිනමා නිර්මාණ අතර ගින්දරී , අබිනික්මන නම් සිනමාපට අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට පුළුවන්කම ලැබුණා.ඒ වගේම තමයි ඇය රංගනයෙන් දායක වූ සංසාර සිහිනයේ ටෙලි නාට්‍යයේ අනුත්තරා කියන චරිතය අතිශයින්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.එය ඇයගේ ජීවිතයේ ඉස්සරහ හැරවුම් ලක්ෂ්‍යයක් ද වුණා.
කාලයක් රිදී තිරයේ දක්නට නොලැබුණු ඇය විවාහ වී සිය සැමියා සමග නෙදර්ලන්තයයේ පදිංචියට ගියා.ඇය විවාහ වී සිටින්නේ ලසන්ත නම් තරුණයෙක් සමඟයි.ඉතිං මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වන ලෝචනා ඉමාෂි ආදර්ශමත් බිරිඳක් ලෙස සිය විවාහ ජීවිතය පවත්වාගෙන යනවා.
ඇය නිතරම විදේශගතවෙන නිසා ටෙලිනාට්‍ය සදහා රංගනයෙන් දායක වෙන්න ඇයට ටිකක් අමාරුයි කියල තමයි ඇය පවසා සිටින්නේ.කොහොම වුනත් ඉදිරියේදී අලුත් කලා නිර්මාන කිහිපයක් සදහා සම්බන්ද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියලත් ලෝචනා කියල තිබුනා.
ලෝචනා ඉමාෂි කියන්නේ සැබැවින්ම රංගන ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ සුරුපී රංගන ශිල්පිනියක්.ඇයට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව බාරගන්නා ඇය එම චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.
විදෙස්ගතව සිටියත් නැවත ඇයට ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ රංගන හැකියාව විදහා දැක්වීමට අවස්ථාව උදාවේවා යි ප්‍රාර්ථනා කරන ගමන්ම ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.





