දේශීය මත්පැන් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න..තව මාස 04කින් වෙන දේ.

Police Government Sri Lanka Department of Excise Local liquor
By Aruna Dec 31, 2021 04:10 AM GMT
Aruna

Aruna

Report

දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් මත ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.

රජයේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එසේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන්වෙළෙඳපොළට පැමිණීමට පෙර වෙළෙඳපොලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

කුමාරසිංහ මහතා කියා සිටියේ, 2022 අප්‍රේල් පළමු දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය අපේක්ෂා කරන බවයි. දැනට වසරකට පමණ පෙර සිට ආනයනික මත්පැන් මත මෙම ආරක්‍ෂිත ලේබලය ඇලවීම ක්‍රියාත්මක කර ඇත.

නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත්, නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළෙඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහා ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now