පුංචි ඡන්දයට කොමිසම වැඩ අල්ලයි

Gagana News
Report this article
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
මෙම සාකච්ඡාව එළැඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී මැතිවරණයට අදාළ සැලසුම් කිරීම් සහ ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් ය.
මේ අතර පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කටයුතු එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවද එම කොමිසම නිවේදනය කළේය.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම එළැඹෙන 17 වනදා ආරම්භ වෙයි.
