2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

Election Commission of Sri Lanka Election Local government Election Sinhala news
By Shehan May 06, 2025 10:52 AM GMT
Shehan

Shehan

Report

2025 පළාත් පාලන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

පළාත් පාලන ආයතන 339ක සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ වූ අතර, එය පස්වරු 4ට අවසන් විය.

මෙවර ඡන්දය සඳහා ඡන්දදායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබුණි. දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු අපේක්ෂකයින් 75,589ක් මැතිවරණයට තරග වැදුණි.

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මෙම ඡන්ද විමසීමෙන් සභිකයින් 8,287ක් තෝරා ගනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේය.

සුළු සිදුවීම් කිහිපයක් හැර, ඡන්දය ශූන්‍ය කිරීමට තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේය.

මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කෙරෙමින් පවතින අතර, ඡන්ද ගණනය ඉතා ඉක්මනින් ආරම්භ වීමට නියමිතය.

ක්ලබ් වසන්ත youtube එකේ කිව දේවල් නිසා ඝාතනය කරා ලොකු පැටී සියල්ල වමාරයි.

ක්ලබ් වසන්ත youtube එකේ කිව දේවල් නිසා ඝාතනය කරා ලොකු පැටී සියල්ල වමාරයි.

ReeCha