මෙවර ඇඟිල්ල සලකුණු කිරීමත් වෙනස් වෙයි.. හා හා පුරා කියලා පක්ෂ 8ක් තරග බිමට එක්වෙයි..මදි නොකියන්න ස්වාධීන කණ්ඩායමකුත්..

Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 25, 2024 02:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වන විට සියලු‍ කටයුතු සූදානම් කර අවසන්. ඡන්ද මධ්‍යස්ථාන 48 වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද අවසන් වී ඇති බවයි, ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සදහන් කළේ.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනීමට ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ඡන්ද භාවිත කිරීම සදහා ලියාපදිංචි වී සිටිනවා.

ජෝන්ස්ටන්ට ආයේ එළියට ඒමක්ම නැද්ද..? අභියාචනාදිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

ජෝන්ස්ටන්ට ආයේ එළියට ඒමක්ම නැද්ද..? අභියාචනාදිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

ඒ වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනවා.

මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින්ගේ වම් අතෙහි සුළැඟිල්ල සලකුණු කර තිබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සලකුණු කෙරෙන්නේ වම් අතෙහි මහපටැඟිල්ලයි.