ණය ගනුදෙනු කරන අය මේ දිනයට පෙර කළයුතු දේ...විශේෂ දැනුවත් කිරීමක්.

Covid Sri Lanka Bank Loan
By Aruna Sep 07, 2021 01:26 AM GMT
Aruna

Aruna

Report

බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ් ණය සහන යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, හුදෙක් අසතුටුදායක ණය තොරතුරු (CRIB) වාර්තාවක් මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී සිටිනවා.

කොවිඩ් නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් 01 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සියලුම බැංකු වෙත යවන ලද චක්‍රලේඛයෙහි මේ බව සඳහන් වේ.

තවද මෙම චක්‍රලේඛයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වනවා, මෙම යෝජනා ක්‍රමයට සහභාගී වීම ණය ගැනුම්කරුවන්ගේ ඉදිරි ණය තොරතුරු වාර්තා සහ අනාගත ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි බලපෑමක් ඇති නොවන ආකාරයෙන්, මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය ආපසු ගෙවීම කල්දැමීම/ ප්‍රතිව්‍යූහගත කිරීම් වාර්තා කිරීම සඳහා ක්‍රමවේදයක් බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සමඟ සාකච්ඡා කොට සකස් කළ ‌යුතු වේ.

මෙම ණය සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඒ සඳහා 2021 සැප්තැම්බර් 21 හෝ ඊට පෙර අයදුම් කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha