ජීව උණ්ඩ නිෂ්පාදනය ලංකාවේ ඇරඹීමට සැරසෙයි.

Sri Lanka Army Sri Lanka Economy of Sri Lanka
By Wayomi Jun 03, 2023 09:18 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සැහැල්ලු අවි සඳහා ජීව උණ්ඩ නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව හමුදා ආරංචි මාර්ග පවසනවා.

දැනට වේයන්ගොඩ පිහිටි යුධ හමුදාවේ නිෂ්පාදන කම්හල භට පිරිස් සඳහා නිල ඇඳුම්, සටන් හිස්වැසුම්, ශරීර සන්නාහ සහ අනෙකුත් උපකරණ නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින අතර යුද හමුදාව ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රයත්නයේ මීළඟ අදියර ලෙස පතොරම් නිෂ්පාදනයට යොමු වීමට සැලසුම් කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සතුව දක්ෂ නිලධාරීන් සිටින බව යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් තහවුරු කර තිබෙනවා.

එමඟින් මිලිමීටර් 9 පිස්තෝල, ටී-56 වර්ගයේ ගිනි අවි, එල්එම්ජී තුවක්කු ඇතුළු සැහැල්ලු අවි සඳහා පතොරම් නිෂ්පාදනය කිරීමෙන් ආනයනික පතොරම් මත යැපීම සැලකිය යුතු ලෙස අඩු වන අතර සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකිවේවි.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW