කුරුම්බැට්ටියක් සිරවීමෙන් කුඩා දැරියක් මරුට.

Galle Little baby die Karapitiya hospital
By Aruna May 31, 2021 05:37 AM GMT
Aruna

Aruna

Report

 කුරුම්බැට්ටියක් උගුරේ හිරවීමෙන් ස්වශන මාර්ග අවහිරවිමෙන් මාස 11 වියැති දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ හේවාහන්දිගේ මනුලි විමංසා නැමති මිනුවන්දෙණිය කරාගොඩ ප්‍රාදේශයේ දැරිවියක්.

ඇය නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදි මෙකි කුරුම්බැට්ටිය හිරවී ඇතිබව සාක්ෂි විභාගයේ දි අනාවරණය වී තිබෙනවා.

මියගිය දැරිවියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරනු ලැබුවා.

මියගිය දැරිවියගේ පියාවන හේවාහන්දිගේ රුවන් කුමාර (38) නමැත්තා හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබෙනවා. මියගිය ගොස් ඇත්තේ මාගේ බාල දියණියයි.

ඊයේ දහවල් මම වැඩට ගිහින් දහවල් කෑමට ගෙදර ආවා. බිරිද කුස්සියේ කෑම උයමින් සිටියා. මම දරුවන් දෙදෙනා සමග සාලයේ සෙල්ලම් කරමින් සිටියා.

දරු දෙදෙනා සෙල්ලම් කරමින් සිටින විට කුරුම්බැට්ටි 02ක් තිබුනා. මම එකක් අරගෙන මිදුලට විසිකළා.අනික් කුරුම්බැට්ටිය පුතා අරගෙන කාමරයට දිව ගියා.

මම කෑම ගන්න කුස්සියට ගිහින් කෑම එක ගත්තා විතරයි. ලොකුපුතා කෑගැසුවා නංගි කුරුම්බැට්ටිය ගිල්ලා කියලා. මම දුවගෙනවිත් බැලුවා. චුටි දියණිය බිම වාඩිවෙලා හිටියා.

පුතා ඇය අල්ලාගෙන හිටියා.මා දුව ඇළකරලා පිටට තට්ටුවක් දමලා උගුරට ඇගිල්ල දමලා බලනවිට කුරුම්බැට්ටය හසුවුනා.නමුත් එය එළියට ගන්න බැරිවුනා.

දුව බෙල්ල හොල්ල හොල්ලා හිටියා. 1990ට කථා කළත් එය ආවේ නැහැ. බිරිද දරුවාත් අරගෙන අල්ලපු ගෙදර යාළුවකු සමග ඉමදුව රෝහලට ගියා.

මමත් වෙනත් බයිසිකලයකින් ගියා.දරුවා මියගිය බව වෛද්‍යවරු පරික්ෂාකොට බලා කිවා.

පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.

රවින්ද්‍රන් මහතා විසින් සිදු කර තිබෙනවා. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කුරුම්බැට්ටියක් හිරවි ස්වසන මාර්ගය අවහිරවිම නිසා මරණය වි ඇති බවට තින්දු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now