ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්?.
By krishani
ලබන 4 වන දින සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේ සිදු වූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවට එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මේ අතර, ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු විය. එහි මේ වන විට ලිට්‍රෝ ගෑස් මිල දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසයි.
මේ අතර කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් වේ.