යාපනය ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

Report

යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Jaffna International Cricket Stadium) ඉදිකිරීම් කටයුතු දැන් නැවත ආරම්භ කර ඇති බවත්, සැලසුම් අනුව ප්‍රගතියක් ලැබෙමින් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

 දිට්වා සුළි කුණාටුව නිසා ඉදිකිරීම් තාවකාලිකව නවත්වා තිබූ අතර, ඒ හේතුවෙන් 2026 ජනවාරි 14ට නියමිතව තිබූ පළමු අත්හදා බැලීමේ තරගය ඇතුළු වැඩසටහනට බාධා එල්ල වී තිබිණි.

“දැන් වැඩ නැවත ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වූ පසු අත්හදා බැලීමේ තරගය පැවැත්වෙනු ඇත”

යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

උතුරේ බෞද්ධ විහාරස්ථානයකට පහරදීමේ කුමන්ත්‍රණයක් ගැන අර්චුනා සියල්ල වමාරයි

උතුරේ බෞද්ධ විහාරස්ථානයකට පහරදීමේ කුමන්ත්‍රණයක් ගැන අර්චුනා සියල්ල වමාරයි

සැලසුම් කළ කාලරාමුව තුළ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් කිරීමට ආයතනය විශ්වාසය පළ කරයි. අක්කර 48ක භූමියක සංවර්ධනය වන මෙම ක්‍රීඩාංගණයේ මධ්‍ය කඩුලු 10ක් ඇතුළත් වන අතර, මායිම් දුර මීටර් 80 දක්වා විහිදේ.

මෙය අක්කර 138ක මුළු භූමියකින් යුත් යාපනය ක්‍රීඩා නගරයක් බිහිකිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුළුල් දැක්මේ කොටසකි.

 උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනයට මෙය වැදගත් ජයග්‍රහණයක් වන අතර, ආයතනයේ ජාතික ක්‍රිකට් මාවතට අනුපූරක වේ යැයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු