ලබන මාසේ පටන් ගන්න වැඩක් ගැන දැනුවත් කිරීමක්

Report

ඉකුත් දා ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගංවතුරු තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණියට සහ වැව් අමුණුවලට සිදුව ඇති හානිය පිළිබඳව තක්සේරු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මෙම තක්සේරු පරීක්ෂාව එළඹෙන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බවට එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරන අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පවසයි.

එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ගංගා ද්‍රෝණි,මධ්‍යම පරිමාණ ගංඟා මෙන්ම ගබඩා වැව්හි අභ්‍යන්තරය පරීක්ෂාවට ලක් කෙරුණු ඇති බවට වාර්තා වේ.

එමෙන්ම මෙම තක්සේරු පරීක්ෂාව සඳහා ඇතැම් අවස්ථාවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන්.

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

කෙසේ වෙතත් මේ වන විට කුඩා ජලාශයන්හි ගංවතුර නිසා වැලි පිරී ඇති බැවින් ඒවා ඉවත් කිරීම තත්ත්ව පරීක්ෂාවෙන් පසුව සිදු කෙරෙන බවත් ප්‍රධාන ජලාශයන්හි එවැනි තත්ත්වයක් පැන නොනගින බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එමෙන්ම මෙහිදී නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ගංගා ජලාශ සහ වැව් අමුණු 218ක් හඳුනාගෙන ඇති අතර ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙසේ හානියට පත් ප්‍රධාන ගංගා සහ වැව් අමුණු අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියන 23ක් කට අධික මුදලක් දැනටමත් වෙන්කර ඇති බව ද වාර්තා වේ.

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්