කෝප් සහ කෝපා කමිටු ක්‍රියාත්මක කිරීමට විගණකාධිපති අනිවාර්යයි - දයාසිරි
විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (29) පැවසුවේ, 2026 ජනවාරි 6 වැනිදාට පසු විගණකාධිපතිවරයෙකු නොමැතිව රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 සහ 152 වගන්ති අනුව මෙම කාරක සභා දෙක ක්‍රියාත්මක කිරීමට විගණකාධිපතිවරයාගේ සහභාගිත්වය අනිවාර්ය බව ඔහු අවධාරණය කළේය.
“එබැවින් ස්වාධීන විගණකාධිපතිවරයෙකු ඉක්මනින් පත් කළ යුතුයි” යැයි දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.