ඉදිරි දින කිහිපය භයානක විය හැකියි - මෙහෙම වුණොත් වහාම ඉන්න තැන්වලින් අයින් වෙන්නැයි දැනුම්දීමක්

Report

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර‍යි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව, අද (29) දින සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා වර්ෂාපතනය ලැබෙන බවට දැනුම් දී ඇති බවයි.

එබැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී ඇත්තේ විශේෂයෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල සහ දිය පහරවල් දෙපස ජීවත් වන ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකි බව හඳුනාගෙන ඇති නිවාස හා ප්‍රදේශ සඳහා දැනට ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක වන ලෙසද ඉල්ලා සිටියි.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය මෙන්න

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය මෙන්න

එසේම කඳු බෑවුම්වල, ගල් පෙරළීම් සිදුවිය හැකි ස්ථානවල සහ නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන ජනතාව, සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින මෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කර ඇත.

තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරන තත්කාලීන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

ඊට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, නැවත ලැබෙන සුළු වර්ෂාපතනයකදී වුවද ක්‍රියාකාරී වී නායයෑමක් සිදුවිය හැකි බැවින්, එවැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාපතනය ක්‍රමිකව වැඩිවන බව නිරීක්ෂණය වුවහොත්, වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි.

අවදානම යළිත් - මේ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් සමග තද මීදුම් තත්ත්වයක්

අවදානම යළිත් - මේ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් සමග තද මීදුම් තත්ත්වයක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්