ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි - දෙන්නෙක් ජීවිතක්ෂයට
By Kaushi
බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම අනතුරින් ඔහු සමඟ සිටි තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
වාර්තා වූ ආකාරයට ජෝෂුවා ගමන් ගත් මොටර් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනනතුර සිදුව ඇත.
එසේම අනතුර සිදුවන විට ජෝෂුවා මෝටර් රථයේ පිටුපස ආසනයේ උඩුකය නිරුවතින් වාඩි වී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් - යානයක් ගිනිගෙන පොළොවට වැටී නියමුවෙක් මරුට
මෙම අනතුර නයිජීරියාවේ ඔගුන්-ලාගෝස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුව ඇති බව පවසයි.
වයස අවුරුදු 36 ක් වන 'heavyweight' ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියානු සම්බවයක් ඇති ක්‍රීඩකයෙක් වේ.