ලිට්‍රෝ ගෑස් මිලෙහි දැවැන්ත මිල අඩු කිරිමක් - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka Litro Gas Litro Gas Price
By krishani Apr 04, 2023 05:20 AM GMT
krishani

krishani

Report

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ ය.

ඒ අනුව රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් පහත දැමෙනු අතර ඒ අනුව 1,904ක් ලෙස පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක් ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩුකිරීම සිදුකළ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join