ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.
ඒ අද(20) දින උදෑසන 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ලෙස අදාළ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් හිඟය සහ ඊට අදාළ විසදුම් මෙන්ම ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |