ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්
මැයි මාසෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇති බව දන්වයි.
ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර ඇති බව සඳහන්.
එබැවින් 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වේ.
ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි දක්වා ඇත.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.