විදුලි බිලට ගෑස් සිලින්ඩරයක්. අලුතින්ම සිදුවෙන්න යන දේ..

Litro Gas Ceylon Electricity Board Litro Gas Price Sri Lanka Electricity Prices
By Sithumi May 31, 2022 05:41 PM GMT
Sithumi

Sithumi

Report

විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සදහන් කරයි..

. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණ වී තිබෙන තත්වය අනුව ඇතැම් පුද්ගලයන් එකවර ගෑස් සිලින්ඩර කීපයක් ලබාගැනීම සහ ඇතැමුන් ගෑස් සිලින්ඩර වැඩි මිලට අළෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යෑම පිළිබඳව අවදානය යොමු කර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා කීය.

ගෑස් බෙදාහැරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වීමෙන් ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා ජනතාව ගෑස් බලහත්කාරයෙන් ලබාගන්නා තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now