හෙට දිනයේ ගෑස් බෙදාහැරීම ගැන සමාගමෙන් දැනුම්දීමක්..!
By Sewvandhi
හෙට (26) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.
ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මේ අතර 24 සහ 25 යන දින දෙකේදී ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි. ඒ
අනුව හෙට දිනයත් සමග දින 3ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |