මත් පැන් පරිභෝජනය වාර්ථාගත ලෙස පහළ යයි..? හේතුව මෙන්න

By Sithumi Nov 04, 2022 05:51 PM GMT
Sithumi

Sithumi

Report

ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

 එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑම මීට හේතුවී ඇති අතර මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩුවී ඇති බවය.

  “ශ්‍රී ලංකාව තුළ මත්පැන් පරිභෝජනය මෑත කාලීනව ඉතා විශාල ලෙස අඩු වුණා. මත්පැන් මිල අධික ලෙස ඉහළයෑම, ආදායම් අඩුවීම ඊට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා.