රටපුරා සුරාසැල් වැසෙන විදිය ගැන දැනුම්දීමක්..
Sri Lanka
By Aruna
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |