මත්පැන් බොන අයට සතුටුදායක ආරංචියක්..මිල අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්.

Report

අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බව ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමින්, ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න.


මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කිරීමද විශේෂත්වයක්.

මාලිමා මන්ත්‍රීවරයෙක් මහ පාරට පැන ගල් ටිපර් එකක් නවතා කරපු දේ..

මාලිමා මන්ත්‍රීවරයෙක් මහ පාරට පැන ගල් ටිපර් එකක් නවතා කරපු දේ..


මෙහිදී සීනි නිෂ්පාදනය බෙදහැරීම සදහා බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කරනු වස් කාර්‍ය දර්ශක සකස් කිරීමටත්, මෙහි බොහෝ කාලයක් ගැටලුවක්ව තිබූ සේවකයගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසදීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා මගහැරීම වෙනුවෙන් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එකව කඩිනම් පියවර ගැනීමට ලංකා සීනි සමාගමේ සේවකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ගොවි සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරුණ.

You May Like This Video