කොවිඩ් සමයේ බාර් වලටත් සීල්..?

covid19 delta variety kapila kumarasinghe liquor shops vindya kumarapeeli
By Sewvandhi Aug 23, 2021 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ කුමාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරුන්ට බලය ලබා දී ඇතැයිද පැවසුවේය.

හොර රහසේ මත්පැන් විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස කොරෝනා දෙවැනි රැල්ලේදී සියලු මත්පැන් සල්වලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය. මේ අතර කොරෝනා වසංගතයත් සමග මෙරට මත්පැන් පාවිච්චිය ශීඝ්‍ර ලෙස අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් පිරිස් නීතිවිරෝධී මත්පැන්වලට හා මත්ද්‍රව්‍යවලට යොමු වීමද මත්පැන් පාවිච්චියෙන් කොරෝනා මර්දන එන්නත්වලට යම් බලපෑමක් ඇතිවේයැයි යන බියද මත්පැන් පාවිච්චිය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු නිලධාරිහු පවසති.

මේ අතර,මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කරන පුද්ගලයන්ට ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනනවා.

වැඩිදුරටත් ඒ මහතා සඳහන් කරන්නේ දුම් පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්විය යුතු බවයි. එයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ දුම් පානය නොකරන කෙනෙක්ට වඩා දුම් පානය කරන පුද්ගලයෙකුට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව 14%ගුණයකින් වැඩි බවයි.

එමෙන්ම රෝගය වැළදුනොතින් සංකුලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් වෛද්‍යවරයා පවසනවා බොහෝවිට දුම් පානය කරන හෝ මත්පැන් පානය කරන අයෙක් නම් එන්නත ලබා ගත්ත ද එන්නත තුළින් ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය අඩපණ කරන බවද ඔහු සඳහන් කරනවා එමෙන්ම, කොවිඩ් මරණ වල වැඩි ප්‍රතිශතය දීර්ඝකාලීන බෝ නොවන රෝගීන් සඳහා ද දැඩි බලපෑමක් ඇති කර ඇති බවත් එය මේ වන විට සියලු වයස් කාණ්ඩ දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසනවා.

ඇය මෙම අදහස් පළකර සිටියේ අද සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ තත්ත්වය වැඩි අවධානයට ලක් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝගීන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා. බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීමේ ක්‍රමවේද මෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ සදහා ජංගම සායන මගින් ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමටත් ක්‍රමවේද සකස් කර තිබෙන බවයි ඇය පවසන්නේ.

මේ අනුව වෛද්‍ය නිර්දේශ මත එකවර මාස 2කට වැඩි කාලයක් සඳහා රෝගීන්ට ඖෂධ ලබා දෙනු ඇති. එමෙන්ම නිවෙස් තුළ එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසට ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බවයි බෝ නොවන රෝග අධ්‍යක්ෂවරිය කියා සිටියේ.

මීට අමතරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිර මට්ටම හා සීනි මට්ටම් පරික්ෂා කිරීමට ද රෝහල් තුළ වෙනම ස්ථානයක් වෙන් කර ඇති බවයි මෙහිදී පැහැදිලි කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now