මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Sri Lanka Businessman
By Aruna Jun 15, 2022 03:59 AM GMT
Aruna

Aruna

Report

විදේශිකයින් සඳහා “මෘදු මත්පැන්” අලෙවි කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීම කෙටි කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අදාළ නෛතික ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු එම බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බවයි.

නීත්‍යානුකූල නොවන අයුරින් සිදුකරන මෘදු මත්පැන් අලෙවිය එමඟින් නතර වනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතනවලට මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය හිමිවුණේ ඉකුත් සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now