නීතිය අමතක කර පාටි දැමූ නගරාධිපති

Sri lanka Thalawakele lindula
By Sithumi Jun 21, 2021 11:13 AM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු බවට අත්අඩංගුවට ගත් තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර තිබේ.

ඔහු තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු ව්‍යාපාරිකයන් 06 දෙනෙකු සමඟ පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලද පැමිණිල්ලක් මත ඔවුන් තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

අනතුරුව තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ව්‍යාපාරියන් 06 දෙනා ලබන මස 04 දින දක්වා නිවෙස් නිරෝධානයට යොමු කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා ද යොමුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha