ප්‍රාදේශීය ලේකම් අවසන් ගමන් - සැමියා අත්අඩංගුවට [PHOTO]

Report

චාවකච්චේරි ප්‍රදේශයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ තමිලිනි සදීසන් මහත්මියගේ මරණය සම්බන්ධයෙන්, ඇගේ සැමියා ජූලි 19 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

මාස හයක ගර්භණී තත්ත්වයක සිටි සදීසන් මහත්මියගේ මරණය සැක සහිත බව පවුලේ ඥාතීන් කෝපායි පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත CID විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදි.

මහනුවර රුපලාවන්‍යාගාරයක්ම සිහිසුන් වෙලා - අටක් රෝහලේ

මහනුවර රුපලාවන්‍යාගාරයක්ම සිහිසුන් වෙලා - අටක් රෝහලේ

ඇගේ සැමියා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන්නේ, 2025 පෙබරවාරි 15 වැනිදා රැයේ දී, නිවසේ නිදා සිටියදී දැල්වූ මදුරු දඟරයකින් ඇගේ ඇඳුමින් ගිනිගෙන මියගිය බවයි.

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට

කෙසේවෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සහ සිද්ධියේ තොරතුරු සාමාන්‍ය නොවන බව අනාවරණයවීම හේතුවෙන්, පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීම මත CID විසින් සිදුකළ පරීක්ෂණයන් අවසන්වීමෙන් පසු සැමියා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරු, වැඩිදුර විමර්ශන සදහා ඊයේ (19) රාත්‍රියේ කොළඹ CID කාර්යාලය වෙත රැගෙන එන ලදී.  

Gallery