ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා [PHOTO]

Report

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් රාජ්‍යයේ ෂිලායි ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු විසින් එක් කාන්තාවක් සමඟ විවාහ වී ඇති පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

මනාලයන් වන ප්‍රදීප් සහ කපිල් යන සහෝදරයන්, සුනීතා චෞහාන් නම් කාන්තාවක් සමඟ විවාහ වු අතර, ඔවුන් සියල්ලෝම මෙම තීරණය ගෙන ඇත්තේ කිසිඳු බලපෑමක් නැතුව බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

මෙම විවාහ මංගල්‍යය ජූලි 12 වනදා ආරම්භවී, දින තුනක් පුරා සිමෞර් දිස්ත්‍රික්කයේ ට්‍රාන්ස්-ගිරි ප්‍රදේශයේදී පැවති බව වාර්තා වේ.

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

සහෝදරයන්ගෙන් වයසින් වැඩි සහෝදරයා ඉන්දියාවේ රාජ්‍ය අංශයක සේවය කරමින් සිටින අතර, බාල සහෝදරයා විදේශයක රැකියාවක නියුතුය.

ඔවුන් දෙදෙනාම ‘හට්ටි’ නමින් හැඳින්වෙන සංවෘත ගෝත්‍රයක අය වන අතර, එම ප්‍රජාවේ මෙවැනි විවාහ සම්ප්‍රදායක් අතීතයේ සිටම පිළිගන්නා ලද්දක් බව වාර්තා වේ.

සුනීතා චෞහාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, සම්ප්‍රදාය පිළිබඳව තමන් දැනුවත් බවත්, කිසිඳු පීඩනයකින් තොරව මෙම විවාහය සඳහා එකඟ වූ බවත්ය.

එමෙන්ම, ඔවුන් තුන්දෙනාම එකිනෙකාට ඇති ගරුත්වය සහ විශ්වාසය මත තමන් තීරණය ගත්තේ යැයිද ඇය සඳහන් කළාය.

මෙම සම්ප්‍රදාය පිළිබඳව හට්ටි ප්‍රජාවේ කෙන්ද්‍රියා සමිතියේ මහ ලේකම් කුන්දන් සිං ශාස්ත්‍රී පැවසුවේ, මේ ආකාරයේ විවාහ පද්ධතියක් වර්ධනය වී ඇත්තේ පැරණි කාලවකවානුවකදී පවුල්වල කෘෂි භූමි වෙන් කිරීම වැළැක්වීමේ අරමුණින් බවයි.  

Gallery