පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි..! වැඩිම අගය ලැබුණු දිස්ත්‍රික්කය මෙන්න..

Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines Parliament Election 2024
By Sewvandhi Oct 17, 2024 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් ,එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව ඉදිරිපත් කර තිබේ.

එහි වැඩිම අගයක් ගෙන ඇත්තේ කෙළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහිදි අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් 5,750,000කි.

එම දිස්ත්‍රික්කයේම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වනුයේ 79,493,756කි.

එමෙන්ම මැතිවරණය අවසන් වූ පසු මැතිවරණ ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත අදාළ වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බවත් කොමිසම මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් ව තිබේ.

එම සම්පූර්ණ විස්තරය පහතින්,

Gallery