වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පහක් ඉටු නොකළොත් ඉදිරියේදී සිදුවන දේ GMOA කියයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්
2027 අයවැය යෝජනා මගින් සිය වෘත්තීය ගැටලුවලට කිසිදු විසඳුමක් ලබාදී නොමැති බව පවසමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
වෛද්‍යවරුන් මුහුණ දෙන ප්‍රධාන වෘත්තීය ගැටලු පහක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව, අනුමත සමස්ත DAT දීමනාව ලබාදීම, අත්හිටුවා ඇති තුනෙන් එකක අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා යළි ස්ථාපිත කිරීම එම ඉල්ලීම් අතර ප්‍රධාන වේ.
මීට අමතරව, DAT දීමනාව බදුවලින් නිදහස් කිරීම, 22/99 චක්‍රලේඛය යටතේ ප්‍රවාහන පහසුකම් සඳහා සුදුසුකම් ලබන වෛද්‍යවරුන් එම ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම ද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අතරට ඇතුළත් වේ.
මෙම ගැටලු සම්බන්ධයෙන් මාස තුනකට අධික කාලයක් තිස්සේ බලධාරීන් සමඟ සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණද, මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එබැවින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් කඩිනම් සහ සාධනීය මැදිහත්වීමක් සිදුකළ යුතු බව එම සංගමය අවධාරණය කර තිබේ.
එසේ නොවන්නේ නම් සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇත.