ගිනිගත් කර්මාන්ත ශාලාව බලන්න ගිය ඇමති අනිල් ජයන්තට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක්

Report

කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්නෙන් පසු එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් බහින්බස්වීමක් ඇති වූ බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් පරිසරයට එක්වූ අළු, දූවිලි සහ විෂ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අමාත්‍යවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම තත්ත්වය හටගෙන තිබේ.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති නොකළ යුතු බවයි.

2024දී මිලියන 110ක් - හිටපු ජනපතිවරුන්ගේ නඩත්තුවට දැන් වැය වන මුදල මෙන්න

2024දී මිලියන 110ක් - හිටපු ජනපතිවරුන්ගේ නඩත්තුවට දැන් වැය වන මුදල මෙන්න

කෙසේ වෙතත්, ගින්නෙන් හටගත් අළු සහ දූවිලි සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි නිවාසවලට ද වැටී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.

කර්මාන්තශාලා පරිශ්‍රයේ තවදුරටත් ඉතිරිව ඇති විෂ රසායනික ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට ගෙන ගොස් ආරක්ෂිතව බැහැර කළ යුතු බව ද ඔවුන් ඉල්ලා ඇත. එසේ නොකළහොත් තවත් විශාල පිරිසක් අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බවට ද ප්‍රදේශවාසීන් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම, ගින්න නිවා දැමීම සඳහා භාවිත කළ ජලය හරහා භූගත ජලයට හෝ අවට පරිසරයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇත්ද යන්න පිළිබඳව ද ජනතාව සැක පළ කර ඇත.

ඉහමොළ රත්වෙන මිරිස් මිල මෙන්න - රත්තරන් වගේ මිරිස් ගණන් යන්න රතු එළියක්

ඉහමොළ රත්වෙන මිරිස් මිල මෙන්න - රත්තරන් වගේ මිරිස් ගණන් යන්න රතු එළියක්

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ගින්නක් නිවා දැමීම සඳහා ජලය භාවිත කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් වන අතර, නිසි සාක්ෂි නොමැතිව එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් නිගමනවලට එළඹීම සුදුසු නොවන බවයි.

නිල විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ගස්වල පලතුරු පවා ආහාරයට ගැනීමට නොහැකි බව පවසමින් ජනතාව භීතියට පත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙවැනි ආපදා තත්ත්වයකදී දේශපාලන අවශ්‍යතා පසෙකලා සියලු පාර්ශ්වයන් එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත.

අද දින ලග්න පලාපල – නොවැම්බර් 23 සඳුදා 2026

අද දින ලග්න පලාපල – නොවැම්බර් 23 සඳුදා 2026