තවත් නිලධාරියෙකුට මරණ තර්ජන..! වට්ස්ඇප් හරහා සිදු කළ දේ මෙන්න..

Election Commission of Sri Lanka Sri Lanka
By Sewvandhi Jan 28, 2023 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (27) රාත්‍රියේ දුරකථනය ඔස්සේ, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබේ.

එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ඒ මහත්වරුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්න මහතාට හා කේ.පී.පී. පතිරණ මහතාට දුරකථනය ඔස්සේ තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමකදියි ඊයේ රාත්‍රියේදී එම කොමිෂන් සභාවේ තවත් සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ් මහතාට ද මෙලෙස සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇත. 

 එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ලවු එස්. බී. දිවාරත්න මහතාට ද ඊයේ රාත්‍රියේ යළිත් වරක් දුරකථන ඇමතුම් පැමිණ තිබු නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා විය. 

 පසුව වට්ස්ඇප් තාක්ෂණ ඔස්සේ එවන ලද පණිවුඩයක් හරහා ඒ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස යළිත් මරණ තර්ජන එල්ල කර තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සාමාජිකයින්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රකාශ ලබා ගෙන විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා විය.

අද පැවති මාධ්‍ය හමුවකදි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ එකම දුරකථන අංකයක් මගින් මෙම තර්ජන එල්ල කර ඇති බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha