සජිත්ගේ නායකත්වය තහවුරුයි - වෙනසක් වෙන්නේ නෑ

SJB Ajith Perera Sajith Premadasa Sinhala news Colombo politics heat up
By Shehan Jul 14, 2025 12:54 AM GMT
Shehan

Shehan

Report

සමගි ජන බලවේගයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර ඇත.

මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළ වන, පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු කරන බවට වූ පුවත් සම්බන්ධයෙන් ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා;

“සමගි ජන බලවේගයේ නායකත්වය, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ කිසිසේත්ම වෙනස් වන්නේ නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණයේදී අපට සාපේක්ෂව හොඳ ප්‍රතිඵලයක් හිමි වුණා. එය ආඩම්බර විය යුතු තත්ත්වයක් නොවුණත්, සාපේක්ෂව යහපත් ප්‍රතිඵලයකි. ඉදිරියේදී එළඹෙන පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ අප හමුවේ තිබෙනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී සමගි ජන බලවේගයට තනි පක්ෂයක් ලෙස ඉදිරියට එන්න හැකියාව තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපේ සභිකයන් 1,700කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාව පුරා නියෝජිතත්වය ලබා ගත්තා. මෙම දේශපාලන පසුබැසීම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය නිසා ඇති වූවක් නොවෙයි.

"අනුර මීටරය" නමින් APP එකක් - ජනපති දුන් පොරොන්දු ඉටු කරනවද බලන්න ගැජට් එකක්

"අනුර මීටරය" නමින් APP එකක් - ජනපති දුන් පොරොන්දු ඉටු කරනවද බලන්න ගැජට් එකක්

කලින් බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අසාර්ථක වී, රට බංකොලොත් කර පලා යාමෙන් පසුව, ජනතාව නව බලවේගයකට, මීට පෙර බලයේ නොසිටි කණ්ඩායමකට බලය ලබා දීමට තීරණය කළා. එම රැල්ල හේතුවෙන් අපි පරාජයට පත් වුණා. අපි මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයක් ලෙස නොදකිනවා.

එවැනි සාකච්ඡාවක් පක්ෂය තුළත් නැහැ. එහෙත්, පක්ෂයේ පරිපාලනමය වශයෙන් යම් වෙනස්කම් සිදු කිරීමට සිදුව තිබෙනවා. එය අවශ්‍ය වන්නේ. අපි ඒ සඳහා වාර්ෂිකව පියවර ගන්නවා. ඒවා ඉදිරියේදී සිදු වනු ඇති.”

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

ReeCha