බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ අනාවැකිය

Weather Latest Headlines Rain Sinhala news gagana news
By Shehan Jul 14, 2025 01:19 AM GMT
Shehan

Shehan

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ එක් වරක් හෝ කිහිප වරක් වැසි ඇතිවිය හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං හමනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගනු ලැබීමට ඉල්ලා සිටී.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහන් කටයුතුවලදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත්, ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමටත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

ReeCha