පෞද්ගලික ආරක්‍ෂක ආයතනවල බලපත්‍ර අලුත් කරයි.
Sri Lanka
Ministry of Defense Sri Lanka
By Hashini
ආරක්‍ෂක අමාත්‍යාංශය තම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉක්මවීමට මාස තුනකට පෙර ඉදිරි වර්ෂ දෙක සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ බලපත්‍ර කාල සීමාව ඉක්මවා අවසරයකින් තොරව පවත්වාගෙන යාම 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
