මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි. - බෙදා හැරීමටත් තහංචි.
By Wayomi
මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු පැහැර හැරි හේතුවෙන්.
සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා කියා සිටියේ, එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.
එම සමාගම් දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවීම හේතුවෙන්, වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.