ලයිසන් කාඩ්පත ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Sri Lanka Electric Vehicle Driving Licence Department of Motor Vehicles
By Aruna Jun 11, 2023 12:25 AM GMT
Aruna

Aruna

Report

මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත්, තුන්වන පාර්ශවයක් මගින් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වනවා.

ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක්, තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර, බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් තුන්වන පාර්ශවය මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now