රට වැසුවොත් අංශ කිහිපයක හැර සෙසු අයගේ වැටුප් අඩු කරන්නැයි ජනපතිට ලිපියක්...?

curfew lock down prasanna ranathunga covd19 wage cut
By Sewvandhi Aug 20, 2021 12:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් ද, සම්බන්ධ වෙමින් පවතියි. නිසි අරමුණක් නොමැතිව, අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමට බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.

කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක්‍රමානුකුලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටියි. වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්තාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැසක් සංවිධානය කෙරුණ බවත් සීඝ්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කලේ ජන ජීවිතවල වටිනාකම නොතකමින් බවයි අමාත්‍යවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවද එම ලිපියේ සඳහන් කර ඇත.

රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අඟුලු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසු තාවයක් ඇති නොවන බවත් තමන් ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින් බවත් රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවකට ලක්වේ.

මෙවැනි අවස්ථාවක රට අඟුලුලන්නේ නම් හෘද සාක්ෂියට එකඟව ජනතා බදු මුදලින් වැටුප් ලැබීමේ හැකියාවක් නොමැති බවින් ඊට විකල්පයක් ද අමාත්‍යවරයා විසින් සිය ලිපිය මගින් ජනාධිපතිතුමාට යෝජනා කර සිටියි. යම් හෙයකින් රට වසා දැමීමට ජනාධිතිතුමා වශයෙන් තීරණය කරන්නේ නම් මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍ය බැවින්, මෙම වැඩපිළිවෙල සකසන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු අනෙකුත් කේෂ්ත්‍ර හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එවැනි කේෂ්ත්‍රවල නිලධාරීන් අතහැර රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී තමන් ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරන බවත් එම වැඩපිළිවෙළ සඳහා තමාගේ දායකත්වය ලබාදීමට තමන් සූදානම් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග යැවු ලිපියේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha