හමුදාවට එන්නත් නිකුත් නොකරන්නැයි සෞඛ්‍ය ඇමතිට ලිපියක්

VACCINE GMOA SHAVENDRA SILVA KEHELIYA RAMBUKWELLA SRI LANKA ARMY
By Sewvandhi Aug 30, 2021 01:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වසංගතයේ පස්වන රැල්ලක් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය වන තාක්ෂණික තීරණ වසංගත රෝග විද්‍යා ඒකකය තුළින් ලබා ගැනීමට අවශ්‍ය වන ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යවරයා වසංගත රෝග විද්‍යා ඒකකය තුළ ඇති කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ඉකුත් සිකුරාදා දිනයේදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී වසංගත රෝග ඒකකයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් කාර්යක්ෂමව, අවශ්‍ය තාක්ෂණික තීන්දු තීරණ, වසංගත පාලන මූලධර්ම වලට අනුව ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇති බවය.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, වත්මන් කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට වයස අවුරුදු 61ට වැඩි පිරිසට එන්නත් මාත්‍රා දෙක ම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මටටමේ සිට ම ලබා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවය.

එමෙන් ම, ඒ සඳහා අවශ්‍ය එන්නත් ලබා දීමේදී වසංගත රෝග විද්‍යා අංශය මගින් හමුදාවට පමණක් සීමාවකින් තොරව එන්නත් ලබා දීම වෙනුවට රෝහල් සඳහා ද අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අමාත්‍යවරයා එකඟ වී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ..

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery