පාසල් ළමුන් අතර ලාදුරු ව්‍යාප්තිය වැඩිවෙයි. අවදානම් නගර මෙන්න.

Ministry of Health Sri Lanka
By Wayomi Nov 19, 2022 08:27 AM GMT
Wayomi

Wayomi

Report

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය අනතුරු අඟවනවා.

මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ.

ඒ අනුව මේ වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී තිබෙනවා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, එහිදී අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW