පේරාදෙණි සරසවියේ දිවියෝ - සිසුන්ට දැනුම්දීමක්

Report

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දිවියන් සැරිසරන බවට තොරතුරු හෙළිවීම හේතුවෙන්, විශ්වවිද්‍යාල පාලන කමිටුව විසින් එහි ප්‍රජාවට අවදානම් වන්නේයැයි කල්පනාකාරීව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

විශේෂයෙන්, පශු වෛද්‍ය පීඨ සත්ව ගොවිපොළේ ගාල් කීපයක් දිවියන් මගින් මරා ආහාරයට ගනු ලැබීම හේතුවෙන් මෙම අවධාරණය කර තිබේ. හන්තාන ආශ්‍රිතව ජීවත් වන දිවියන් රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල ගවගාලේ සතුන් මරා ආහාරයට ගැනීම සිදු කරන බවත්, එමනිසා විශ්වවිද්‍යාල ප්‍රජාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බව උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මාධ්‍යට පවසා ඇත.

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ:

“අපි ශිෂ්‍යයන්ට සහ කාර්ය මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා, රාත්‍රී කාලයේ මෙන්ම හිමිදිරියේ තනිවම විශ්වවිද්‍යාල භූමියේ සැරිසරන්න එපා කියලා. මේ පිළිබඳව දැන්වීම් පුවරු සවිකරන්නත් කටයුතු කරලා. විශ්වවිද්‍යාල CCTV පද්ධතියේ, දිවියන් ගවයන් මරා ආහාරයට ගන්නා දර්ශන දැක්නට ලැබෙනවා. ඒ වගේම, දිවියන් විශ්වවිද්‍යාල භූමියේ සැරිසරන ආකාරයත් පටිගතව තිබෙනවා. සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා - දිවියන් දැක්කොට වහාම ආරක්ෂක අංශයට දැනුම් දෙන්න. අප මේ ගැටලුව සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව ආරක්ෂක පියවර අවධානයෙන් අනුගමනය කරමින් කටයුතු කරන්න කියලා දැනුවත් කරලා තියෙනවා.”

හාල් මැස්සෝ කාලා ඉවරයි - සීනි, පරිප්පු ‍‍තොග මිල නගී

හාල් මැස්සෝ කාලා ඉවරයි - සීනි, පරිප්පු ‍‍තොග මිල නගී

අමෙරිකාවෙන් ලංකාවට හිමිවන වටිනම දෙයක් මෙන්න

අමෙරිකාවෙන් ලංකාවට හිමිවන වටිනම දෙයක් මෙන්න