මෙරට සමලිංගික සබඳතා නීතිගත කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Government Of Sri Lanka
By Wayomi May 09, 2023 05:57 PM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුවට සරල බහුතරයක් හරහා පාර්ලිමේන්තුවට සමලිංගික සබඳතා නීතිගත කළ හැකි බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.

ඒ සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දු වී තිබෙනවා.

මෙම නියෝගය සිදු කර ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසිනි.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් අප්‍රේල් 4 වැනිදා ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් තිදෙනෙකු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණයක් ගන්නා ලෙසයි.

පනත් කෙටුම්පතට සහය පළ කරන අතරමැදි පෙත්සම් 14ක් තවත් පුරවැසියන් 30ක් සහ සිවිල් සමාජ සංවිධාන දෙකක් විසින් ගොනු කරන තිබෙනවා.

ස්ත්‍රීන් සහ පුරුෂයන් සමඟ 'අස්වාභාවික' ලිංගික සම්බන්ධතා සඳහා නඩු පැවරීමට ඉඩ සලසන විධිවිධාන ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැනට අඩංගු වෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW