අද පැවැත්වෙන දැවැන්ත අරගලයට පොලිසියෙන් දාපු නීති මෙන්න.
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබා නොදෙන බවට පොලිසිය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
කොළඹ මධ්‍යම II දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන්. දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ලියවිල්ල කිසිවෙකුත් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
එම ලිපියේ සඳහන් කර ඇත්තේ, යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාල සීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාල සීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බැවින් මෙම නියෝගය සිදු කළ බවයි.
මේ අතර පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු බවට ලිපියේ සඳහන්.
එමෙන්ම විරෝධතා රැලිය සහ පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගි වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එහි දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


