ලිංගික අල්ලස් ඉල්ලු රජයේ නිලධාරියාට වැඩ වරදී
Sri Lanka Police
Law and Order
Sinhala news
By Hashan
තිස් හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම සංවර්ධන නිලධාරියකුහට කොලඹ මහාධිකරණය විසින් අද බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඩුවම් නියම කරනු ලැබුවා.
හත් හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සදහා රජයෙන් ලබා දෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී අදාළ නිලධාරියා විසින් මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුට ලබා දුන් සිර දඩුවම වසර 10 කින් ගෙවී යා යුතු බව කොලඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර සිටියා.
අදාළ විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාදිකම් අහිමි වන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනුසුරුවරයා විසින් නියෝග කළා .
එසේම රුපියල් විසිදහසක දඩයක්ද ඔහු හට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
