LAUGFS ගෑස් මිල ඉහළ දැමීම ගැන සජිත් සහ කථානායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් ගැටුමක් - ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට විපක්ෂ නායකවරයා දැරූ උත්සාහයත් සමඟ සභාව ගිනියම් වෙයි

Report

කිලෝග්‍රෑම් 12.5ක LAUGFS ගෑස් සිලින්ඩරයක මිල හදිසියේ ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායකවරයා අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාදයක් හටගෙන තිබේ.

ගෑස් මිල ඉහළ දැමීමේ ගැටලුව හදිසි මහජන ගැටලුවක් ලෙස මතු කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 92(2) යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය ආරම්භ වී ඇත.

එහිදී මහජනතාව වෙනුවෙන් අදහස් දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව අවධාරණය කරමින් සජිත් ප්‍රේමදාස ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබේ.

කෙසේ වෙතත්, කථානායකවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආර්ථික ගැටලු හෝ භාණ්ඩ මිල ඉහළ දැමීම රීති ප්‍රශ්නයක් ලෙස මතු කළ නොහැකි බවයි.

පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර ඡන්ද විමසීමක් හෝ වෙනත් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියක් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සඳහා පමණක් රීති ප්‍රශ්න මතු කළ හැකි බව කථානායකවරයා පැහැදිලි කර තිබේ.

ඒ අනුව, නියමිත ස්ථාවර නියෝග 27(2) යටතේ ඇති ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙස හෝ අසුන් ගන්නා ලෙස කථානායකවරයා අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

එහෙත් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ මහජනතාවට සහනයක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් විපක්ෂ නායකවරයා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

''දේශපාලනයට නැවත එන්න කිසිම අදහසක් හෝ උනන්දුවක් නැහැ" - පියාගේ අභාවයෙන් පසු එළඹි පළමු උපන්දිනය දා කාංචන විජේසේකර තැබූ සංවේදී සටහන

''දේශපාලනයට නැවත එන්න කිසිම අදහසක් හෝ උනන්දුවක් නැහැ" - පියාගේ අභාවයෙන් පසු එළඹි පළමු උපන්දිනය දා කාංචන විජේසේකර තැබූ සංවේදී සටහන