බොලිවුඩයම මවිත කළ ‘රාමායණය’ බොක්ස් ඔෆිස් ආදායම කෝටි 1,100ත් පනී!

Report

තිරගත වී දින නවයක් ඇතුළත ලොව පුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,100 ඉක්මවා යමින් රන්බීර් කපූර් රංගනයෙන් දායක වන ‘Ramayana: Rise of a Legend’ චිත්‍රපටය දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ.

එහිදී ඉන්දියාව තුළ පමණක් චිත්‍රපටය උපයා ඇති ශුද්ධ ආදායම ඉන්දීය රුපියල් කෝටි 612.45ක් වන අතර, ඒ සමඟ විකී කෞෂාල් රංගනයෙන් දායක වූ ‘Chhaava’ චිත්‍රපටය ඉන්දියාව තුළ තිරගත වීමෙන් උපයා තිබූ රුපියල් කෝටි 601.57ක ආදායම ද පසුකර යාමට සමත්ව ඇත.

චිත්‍රපට කර්මාන්තයේ ආදායම් වාර්තා නිරීක්ෂණය කරන Sacnilk වෙබ් අඩවියට අනුව, තිරගත වූ නවවැනි දිනයේදී ‘Ramayana’ චිත්‍රපටය ඉන්දියාව තුළ උපයා ඇති ශුද්ධ ආදායම රුපියල් කෝටි 47.85කි. එම ආදායමෙන් වැඩිම කොටස හින්දි භාෂා පිටපතෙන් ලැබී ඇති අතර, එය රුපියල් කෝටි 36.25කි.

මලයාලම් පිටපතෙන් රුපියල් කෝටි 3.25ක් ද, කන්නඩ පිටපතෙන් රුපියල් කෝටි 3ක් ද, දෙමළ පිටපතෙන් රුපියල් කෝටි 2.75ක් ද, තෙළිඟු පිටපතෙන් රුපියල් කෝටි 2.60ක් ද උපයා තිබේ. ඒ අනුව චිත්‍රපටයේ ඉන්දියාව තුළ සමස්ත දළ ආදායම රුපියල් කෝටි 732.20ක් දක්වා ඉහළ ගොස් ඇත.

බොලිවුඩයම මවිත කළ ‘රාමායණය’ බොක්ස් ඔෆිස් ආදායම කෝටි 1,100ත් පනී! | Ramayana Box Office Crosses Rs 1 100 Crore

මේ අතර, නවවැනි දිනයේදී විදෙස් ප්‍රදර්ශනවලින් ද රුපියල් කෝටි 25ක ආදායමක් උපයා ගැනීමට චිත්‍රපටය සමත්ව තිබේ. ඒ අනුව විදෙස් වෙළෙඳපොළෙන් ලැබූ සමස්ත දළ ආදායම රුපියල් කෝටි 378.50කි. ඒ සියල්ල සමඟ චිත්‍රපටයේ ලොව පුරා සමස්ත දළ ආදායම රුපියල් කෝටි 1,110.70ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ පළමු දිනයේදී පමණක් රුපියල් කෝටි 64.85ක ශුද්ධ ආදායමක් උපයා තිබුණි. එමෙන්ම, ‘Pathaan’ චිත්‍රපටය ඉන්දියාව තුළ උපයා තිබූ රුපියල් කෝටි 544.28ක ආදායමත්, රන්බීර් කපූර්ගේම ‘Animal’ චිත්‍රපටය උපයා තිබූ රුපියල් කෝටි 556.36ක ආදායමත් පසුකර යාමට ද ‘Ramayana’ චිත්‍රපටය මීට පෙර සමත්ව තිබේ.

‘රාමායණය’ ලොව පුරා තිරගත වෙයි - පළමු දිනයේම උපයාගත් මුදල මෙන්න

‘රාමායණය’ ලොව පුරා තිරගත වෙයි - පළමු දිනයේම උපයාගත් මුදල මෙන්න

Ramayana: Rise of a Legend’ චිත්‍රපටය ගැන

නිටේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය වාල්මිකීගේ රාමායණ වීර කාව්‍යය ඇසුරින් නිර්මාණය වන කොටස් දෙකක සිනමා නිර්මාණ මාලාවේ පළමු චිත්‍රපටයයි. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන රාම කුමරු, අසුර රජු වන රාවණා විසින් පැහැරගෙන යනු ලැබූ සිය බිරිඳ සීතා දේවිය බේරාගැනීම සඳහා යන ගමන මෙහි කතා තේමාව වී තිබේ. රන්බීර් කපූර් රාම කුමරු ලෙසත්, සායි පල්ලවි සීතා දේවිය ලෙසත්, යෂ් රාවණා ලෙසත්, රවී ඩුබේ ලක්ෂ්මණ ලෙසත් රංගනයෙන් දායක වෙති. සනී ඩියෝල් හනුමාන් චරිතයට පණ පොවයි. මෙම චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස 2028 වසරේ දීපවාලි උත්සව සමයේදී සිනමාහල් වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රද්ධා කපූර්ගේ නර්තනයෙන් හැඩවුණු ‘ඊතා’ - දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් නර්තන ශිල්පිනියකගේ කතාව

ශ්‍රද්ධා කපූර්ගේ නර්තනයෙන් හැඩවුණු ‘ඊතා’ - දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් නර්තන ශිල්පිනියකගේ කතාව