පරාටේ නීතිය ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi May 02, 2024 10:33 AM GMT
Wayomi

Wayomi

Report

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, කොන්දේසිවලට යටත්වයි.

මුදල් කාරක සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,පරාටේ නීතියට යටත්ව බැංකු සමඟ ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමඟ සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර ඇති බවයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවූ බවයි.

..........................................................

May you Like