අවසන් රන්දෝලිය අද

Kandy Sri Lanka Buddhism
By Hashini Aug 30, 2023 05:06 AM GMT
Hashini

Hashini

Report

 මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) විථි සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාවේ උතුරු දිසාවෙන් රාත්‍රී 7.03ට ගමන් ආරම්භ කරන පෙරහැර දළදා වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බව දියවඩන නිළමේවරයා සඳහන් කර සිටිනවා.

සිව් මහා දේවාලවල දේව පුජා පවත්වා, හෙට (31) අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍ය සඳහා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපුම් මංගල්‍ය සිදු කිරීමට නියමිතයි. 

ReeCha