ලාසා මාරාන්තික වෛරසයත් හිස ඔසවයි - ආසාදිතයින් 105ක් හමු වෙයි..

By krishani Jan 23, 2023 07:20 AM GMT
krishani

krishani

Report

ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙම රෝගීන් ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා කාලය තුළ නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇත.

ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන් හරහා ව්‍යාප්ත වේ.

උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha